e-Bay ගැන අවිශ්වාසද?

 

අද කාලේ e-Bay ගැන නොදන්නා කෙනෙක් නෑ නේ… ඒත් ඉතින් හුගක් කට්ටිය දන්නේ නෑ කොහොමද බඩු ගන්නේ, කොහොමද ගෙවන්නේ , කොහොමද ඒවා අපිට හම්බ වෙන්නේ කියලා. මටනම් තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමා බඩු ආවේ නැත්නම් අපි මොකද කරන්නේ කියන එක I don't know smile…..  ඒ ඔක්කොටම උත්තරේ මට බ්ලොග් එකකින් හම්බ උනා… e-Bay ගැන A ටු Z දැනගන්න පුළුවන්.

 

http://dhanikauom.blogspot.com/search/label/eBay

 

ඔන්න ඕකට  ගියාම e-Bay බඩු ගන්න ගන්න ඕන card එකේ ඉදන් කියල දීලා තියෙනවා.

DSC_0271

ඔය තියෙන්නේ මම e-Bay  එකෙන් ගෙනාපු බඩු තොගය. දාන්නම් පොඩ්ඩක් බය අඩු උනාද??Winking smile මම e-Bay එකෙන් අය්ට්ම් 200ක් විතර ඔඩර් කරලා තියෙනවා,Routers , Phones වගේ ඒවත් අරගෙන තියෙනවා,  ඒත් එකක් වතත් නැතිවෙලා නම් නෑ,  ගෙදරටම ඇවිල්ල තියෙනවා. අනිත් ප්‍රශ්නේ තමා හදිස්සියේ අපි ගත්ත එකක් කැඩිලා හම්බ උනොත් හරි , අපිට මාසයක් ඇතුලත හම්බ උනේ නැත්නම් හරි මොකද කරන්නේ කියන එක,

1. අපි මුලින්ම කරන්න ඕනේ අපි බඩුව ගත්ත seller ව contact කරන එක ,

2.sellerගෙන් උත්තරයක් නැත්නම් අපිට පුළුවන් e-Bayඑකට complain එකක් දාන්න ,

3. එතකොට E-Bay එක seller එක්ක කතා කරලා බලනවා, ඒත් හරියන්නේ නැත්නම් E-Bay එකෙන් අපි ගෙවපු මුළු ගානම අපිට දෙනවා.

 

බය වෙන්න එපා හුගක් sellers ල හොද අය ඉන්නේ. අපිට ඔය 1වෙනි එකෙන්ම හොද විසදුමක් ගන්න පුළුවන්,

Sellers ල contact කරන විදි , E-bay complain කරන විදි මේ ලින්ක් එකෙන් බලා ගන්න

 

http://dhanikauom.blogspot.com/2010/07/ebay-5.html

 

තව දෙයක් කියන්න ඕනේ, e-Bay කියන්නේ හරියට පිටකොටුව වගේ තමා… අඩුවට බඩු තියෙනවා, අනික ලොකු ටිකක් කාලයක් පාවිච්චි කරන්න ඕනේ නම් China sellers ලාගෙන් ගන්න එපා, China sellers වරදක් කියනවා නෙමේSmile with tongue out ඒත් China seller කෙනෙක් ගෙන් ගන්නවා නම් ලාබම එක ගන්න එපා, ඉක්මනටම කැඩෙනවා…. Crying face

ඇඩික්ට් වීම ……(COD 4)

හුග කාලෙකින් ඉතින් බ්ලොග් එක පැත්තේ අවා. A/L ඉවර හින්දා දැන්නම් කන්න කාලේ තියෙනවා..Smile with tongue out  අද games ගහන කට්ටියටනම් හොද දෙයක් වේවි මේක, මොකද කට්ටිය games ගැහුවට ONLINE  ගහන්නේ නෑ නේ? ඇත්තටම මටත් ඉස්සර ආසාව තිබ්බට ගහන්නේ කොහොමද කියල දන්නේ නෑ….Confused smile ඔන්න ඉතින් මගේ යාලුවෙක්ගෙ උදව්වෙන් තමා මාත් ඉගෙන ගත්තේ. ප්‍රතිභාත් ඉමල්ෂ  මෙයාගෙන් තමා මමත් දැන ගත්තේ,

 

කතා ඇති .. අද ඉතින් කස්ටියට කවුරුත් දන්නා Call Of Duty 4(Modern Warfare) On Line ගහන්න තමා කියල දෙන්නේ…

 

1.මුලින්ම COD 4 Download කර ගන්න ඕනේ, ටොරන්ට් ලින්ක් එක මෙන්න 

2.ඊට පස්සේ PATCHES දෙකක් බාගත කරගන්න ඕනි.ඒවාට LINKS මෙන්න

http://www.gamershell.com/download_27186.shtml

http://www.gamershell.com/download_28304.shtml

3.ඔකේ මුලින්ම 1.6 PATCH ඒක දාලා පස්සේ තම 1.6-1.7 දාන්න ඕනි.

4.ඊට පස්සේ ගේම් එකේ තියෙන keycode එක වෙනස් කර ගන්න ඕනේ. මෙහෙමය් කරන්නේ මුලින්ම මේක බාගන්න

http://thepiratebay.se/torrent/4278947 

ඊට පස්සේ ගේම් එකට ගිහිල්ල Options –>Multi Player Options –> Enter key Code කියන තැන අපි බාපු keygen එකෙන් key එක අරගෙන past කරන්න.

5. ඊට පස්සේ අපිට punkbuster Update කරන්න වෙනවා.

http://www.evenbalance.com/index.php?page=pbsetup.php

ඔය ලින්ක් එකට ගිහිල්ලා,

 

Capture

රතු පාටින් ලකුණු කරලා තියෙන එක බාගන්න,

ඊට පස්සේ ඕපන් කලාම මේ වගේ එකක් එය්

ඔකේ add game ගිහිල්ල COD 4 තෝරලා game path එකත් දීලා check for updates කරන්න. 

6.අන්තිම වශයෙන් game servers වලට ඉක්මනට connect වෙන්න software එකක් use කරන්න පුළුවන්.මේකේ නම xfire

මෙන්න මේ link එකට ගිහිල්ල ඔය කස්ටියට xfire download කරගන්න පුළුවන්

http://www.xfire.com/

 

7. Xfire එකේ Reg වෙලා. රතු පාට තැනට ගිහිල්ල right click කරලා add custom ip තැනට ip දීල ගහන්න තියෙන්නේ,

aa

මෙන්න server ටිකක්

220.247.224.219:28970

220.247.224.219:28968

220.247.224.219:28961

220.247.224.219:28966

220.247.224.219:28962

 

මුල් දවස් ටිකේ ගහනකොට එපා වේවි , මොකද එනවා විතරය් පෙන්නේ මැරිලා ඉවරයි .. Ninja ටික දවසක් යනකොට හරි යනවා, මොකද අපිට ඔන්ලින් පුරුදු නැ නේ.. එක දෙයක් කියන්න ඕනේ , මේක හරියට සෙට් උන දවසට කුඩු ගැහුවා වගේ තමය් … ඇබ්බැහිවීම නවත්වන්නම බෑ… අනික ඉස්සර මමත් හිතන් හිටියේ online ගහනව කියන එකත් ගේමක් නැති වැඩක් කියල Winking smile  අම්බෝ  ගියාම තමා තේරෙන්නේ කොඉතරම් අමාරුද කියල,