e-Bay ගැන අවිශ්වාසද?

 

අද කාලේ e-Bay ගැන නොදන්නා කෙනෙක් නෑ නේ… ඒත් ඉතින් හුගක් කට්ටිය දන්නේ නෑ කොහොමද බඩු ගන්නේ, කොහොමද ගෙවන්නේ , කොහොමද ඒවා අපිට හම්බ වෙන්නේ කියලා. මටනම් තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමා බඩු ආවේ නැත්නම් අපි මොකද කරන්නේ කියන එක I don't know smile…..  ඒ ඔක්කොටම උත්තරේ මට බ්ලොග් එකකින් හම්බ උනා… e-Bay ගැන A ටු Z දැනගන්න පුළුවන්.

 

http://dhanikauom.blogspot.com/search/label/eBay

 

ඔන්න ඕකට  ගියාම e-Bay බඩු ගන්න ගන්න ඕන card එකේ ඉදන් කියල දීලා තියෙනවා.

DSC_0271

ඔය තියෙන්නේ මම e-Bay  එකෙන් ගෙනාපු බඩු තොගය. දාන්නම් පොඩ්ඩක් බය අඩු උනාද??Winking smile මම e-Bay එකෙන් අය්ට්ම් 200ක් විතර ඔඩර් කරලා තියෙනවා,Routers , Phones වගේ ඒවත් අරගෙන තියෙනවා,  ඒත් එකක් වතත් නැතිවෙලා නම් නෑ,  ගෙදරටම ඇවිල්ල තියෙනවා. අනිත් ප්‍රශ්නේ තමා හදිස්සියේ අපි ගත්ත එකක් කැඩිලා හම්බ උනොත් හරි , අපිට මාසයක් ඇතුලත හම්බ උනේ නැත්නම් හරි මොකද කරන්නේ කියන එක,

1. අපි මුලින්ම කරන්න ඕනේ අපි බඩුව ගත්ත seller ව contact කරන එක ,

2.sellerගෙන් උත්තරයක් නැත්නම් අපිට පුළුවන් e-Bayඑකට complain එකක් දාන්න ,

3. එතකොට E-Bay එක seller එක්ක කතා කරලා බලනවා, ඒත් හරියන්නේ නැත්නම් E-Bay එකෙන් අපි ගෙවපු මුළු ගානම අපිට දෙනවා.

 

බය වෙන්න එපා හුගක් sellers ල හොද අය ඉන්නේ. අපිට ඔය 1වෙනි එකෙන්ම හොද විසදුමක් ගන්න පුළුවන්,

Sellers ල contact කරන විදි , E-bay complain කරන විදි මේ ලින්ක් එකෙන් බලා ගන්න

 

http://dhanikauom.blogspot.com/2010/07/ebay-5.html

 

තව දෙයක් කියන්න ඕනේ, e-Bay කියන්නේ හරියට පිටකොටුව වගේ තමා… අඩුවට බඩු තියෙනවා, අනික ලොකු ටිකක් කාලයක් පාවිච්චි කරන්න ඕනේ නම් China sellers ලාගෙන් ගන්න එපා, China sellers වරදක් කියනවා නෙමේSmile with tongue out ඒත් China seller කෙනෙක් ගෙන් ගන්නවා නම් ලාබම එක ගන්න එපා, ඉක්මනටම කැඩෙනවා…. Crying face

0 comments:

Post a Comment