e-Bay ගැන අවිශ්වාසද?

 

අද කාලේ e-Bay ගැන නොදන්නා කෙනෙක් නෑ නේ… ඒත් ඉතින් හුගක් කට්ටිය දන්නේ නෑ කොහොමද බඩු ගන්නේ, කොහොමද ගෙවන්නේ , කොහොමද ඒවා අපිට හම්බ වෙන්නේ කියලා. මටනම් තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමා බඩු ආවේ නැත්නම් අපි මොකද කරන්නේ කියන එක I don't know smile…..  ඒ ඔක්කොටම උත්තරේ මට බ්ලොග් එකකින් හම්බ උනා… e-Bay ගැන A ටු Z දැනගන්න පුළුවන්.

 

http://dhanikauom.blogspot.com/search/label/eBay

 

ඔන්න ඕකට  ගියාම e-Bay බඩු ගන්න ගන්න ඕන card එකේ ඉදන් කියල දීලා තියෙනවා.

DSC_0271

ඔය තියෙන්නේ මම e-Bay  එකෙන් ගෙනාපු බඩු තොගය. දාන්නම් පොඩ්ඩක් බය අඩු උනාද??Winking smile මම e-Bay එකෙන් අය්ට්ම් 200ක් විතර ඔඩර් කරලා තියෙනවා,Routers , Phones වගේ ඒවත් අරගෙන තියෙනවා,  ඒත් එකක් වතත් නැතිවෙලා නම් නෑ,  ගෙදරටම ඇවිල්ල තියෙනවා. අනිත් ප්‍රශ්නේ තමා හදිස්සියේ අපි ගත්ත එකක් කැඩිලා හම්බ උනොත් හරි , අපිට මාසයක් ඇතුලත හම්බ උනේ නැත්නම් හරි මොකද කරන්නේ කියන එක,

1. අපි මුලින්ම කරන්න ඕනේ අපි බඩුව ගත්ත seller ව contact කරන එක ,

2.sellerගෙන් උත්තරයක් නැත්නම් අපිට පුළුවන් e-Bayඑකට complain එකක් දාන්න ,

3. එතකොට E-Bay එක seller එක්ක කතා කරලා බලනවා, ඒත් හරියන්නේ නැත්නම් E-Bay එකෙන් අපි ගෙවපු මුළු ගානම අපිට දෙනවා.

 

බය වෙන්න එපා හුගක් sellers ල හොද අය ඉන්නේ. අපිට ඔය 1වෙනි එකෙන්ම හොද විසදුමක් ගන්න පුළුවන්,

Sellers ල contact කරන විදි , E-bay complain කරන විදි මේ ලින්ක් එකෙන් බලා ගන්න

 

http://dhanikauom.blogspot.com/2010/07/ebay-5.html

 

තව දෙයක් කියන්න ඕනේ, e-Bay කියන්නේ හරියට පිටකොටුව වගේ තමා… අඩුවට බඩු තියෙනවා, අනික ලොකු ටිකක් කාලයක් පාවිච්චි කරන්න ඕනේ නම් China sellers ලාගෙන් ගන්න එපා, China sellers වරදක් කියනවා නෙමේSmile with tongue out ඒත් China seller කෙනෙක් ගෙන් ගන්නවා නම් ලාබම එක ගන්න එපා, ඉක්මනටම කැඩෙනවා…. Crying face

ඇඩික්ට් වීම ……(COD 4)

හුග කාලෙකින් ඉතින් බ්ලොග් එක පැත්තේ අවා. A/L ඉවර හින්දා දැන්නම් කන්න කාලේ තියෙනවා..Smile with tongue out  අද games ගහන කට්ටියටනම් හොද දෙයක් වේවි මේක, මොකද කට්ටිය games ගැහුවට ONLINE  ගහන්නේ නෑ නේ? ඇත්තටම මටත් ඉස්සර ආසාව තිබ්බට ගහන්නේ කොහොමද කියල දන්නේ නෑ….Confused smile ඔන්න ඉතින් මගේ යාලුවෙක්ගෙ උදව්වෙන් තමා මාත් ඉගෙන ගත්තේ. ප්‍රතිභාත් ඉමල්ෂ  මෙයාගෙන් තමා මමත් දැන ගත්තේ,

 

කතා ඇති .. අද ඉතින් කස්ටියට කවුරුත් දන්නා Call Of Duty 4(Modern Warfare) On Line ගහන්න තමා කියල දෙන්නේ…

 

1.මුලින්ම COD 4 Download කර ගන්න ඕනේ, ටොරන්ට් ලින්ක් එක මෙන්න 

2.ඊට පස්සේ PATCHES දෙකක් බාගත කරගන්න ඕනි.ඒවාට LINKS මෙන්න

http://www.gamershell.com/download_27186.shtml

http://www.gamershell.com/download_28304.shtml

3.ඔකේ මුලින්ම 1.6 PATCH ඒක දාලා පස්සේ තම 1.6-1.7 දාන්න ඕනි.

4.ඊට පස්සේ ගේම් එකේ තියෙන keycode එක වෙනස් කර ගන්න ඕනේ. මෙහෙමය් කරන්නේ මුලින්ම මේක බාගන්න

http://thepiratebay.se/torrent/4278947 

ඊට පස්සේ ගේම් එකට ගිහිල්ල Options –>Multi Player Options –> Enter key Code කියන තැන අපි බාපු keygen එකෙන් key එක අරගෙන past කරන්න.

5. ඊට පස්සේ අපිට punkbuster Update කරන්න වෙනවා.

http://www.evenbalance.com/index.php?page=pbsetup.php

ඔය ලින්ක් එකට ගිහිල්ලා,

 

Capture

රතු පාටින් ලකුණු කරලා තියෙන එක බාගන්න,

ඊට පස්සේ ඕපන් කලාම මේ වගේ එකක් එය්

ඔකේ add game ගිහිල්ල COD 4 තෝරලා game path එකත් දීලා check for updates කරන්න. 

6.අන්තිම වශයෙන් game servers වලට ඉක්මනට connect වෙන්න software එකක් use කරන්න පුළුවන්.මේකේ නම xfire

මෙන්න මේ link එකට ගිහිල්ල ඔය කස්ටියට xfire download කරගන්න පුළුවන්

http://www.xfire.com/

 

7. Xfire එකේ Reg වෙලා. රතු පාට තැනට ගිහිල්ල right click කරලා add custom ip තැනට ip දීල ගහන්න තියෙන්නේ,

aa

මෙන්න server ටිකක්

220.247.224.219:28970

220.247.224.219:28968

220.247.224.219:28961

220.247.224.219:28966

220.247.224.219:28962

 

මුල් දවස් ටිකේ ගහනකොට එපා වේවි , මොකද එනවා විතරය් පෙන්නේ මැරිලා ඉවරයි .. Ninja ටික දවසක් යනකොට හරි යනවා, මොකද අපිට ඔන්ලින් පුරුදු නැ නේ.. එක දෙයක් කියන්න ඕනේ , මේක හරියට සෙට් උන දවසට කුඩු ගැහුවා වගේ තමය් … ඇබ්බැහිවීම නවත්වන්නම බෑ… අනික ඉස්සර මමත් හිතන් හිටියේ online ගහනව කියන එකත් ගේමක් නැති වැඩක් කියල Winking smile  අම්බෝ  ගියාම තමා තේරෙන්නේ කොඉතරම් අමාරුද කියල,

Assassin's Creed (අතිතයත් වර්තමානයත් )

 

 

 

මේක මම PC එකේ ගහපු මුල්ම ගේම් එක, හිතා ගන්න පුළුවන් නේ මම game ගහන්න පටන් ගත්තේ කොයි කාලේද කියල? Smile with tongue out

මේක මුලින්ම ගහපු නිසා අනිත් games ගහන්න හිතෙන්නේ නැ Confused smile 

එච්චරට මේක පට්ට ගේමක් ,

මේක GTA වගේ ගේම් එකක් , එත මේකේ කාර් නම් නැහැ Open-mouthed smile

අශ්වයන් පිටේ තමය් යන්න පුළුවන් ,

 

මේක කාල දෙකක් අතර ගේම් එකක් , අපව professor කෙනෙක් අල්ලාගෙන යනවා පරීක්ෂණයකට, අපිව animus කියල එකකින් අතීතයට යවනවා, අපිට චරිත දෙකක් තියෙනවා , එකක් තමයි Desmond Miles අනික Altair.

මේ ඉන්නේ Desmond Miles,

 

 

 

මේ ඉන්නේ Altair ,

 

 

අපි තමයි Al Mullam ගේ  හොදම ගෝලයා, Al Mullam කියන්නේ hood එකක නායකෙයෙක් Ninja, අපි ඉන්නේ ජෙරුසෙලම් වල, මේකේ කතාව ගෙතිලා තියෙනේ Pice of Eden  කියන දේ වටා, ඒකෙන ලෝකෙම පාලනය කරන්න පුළුවන්,අපිට තියෙන්නේ එක හොයා ගන්න

 

මේකේ හුගක් වැඩ කෑලි තියෙනවා, මගෙනම් ආසම එක තමය් Hidden Blade එක Red heart,

අපිට වහල උඩින පැන පැන යන්න පුළුවන්, map clear කරන්න තියෙනවා, pick poket ගහන්න ,,,,,, හුගක් වැඩකිඩ ටිකක් තියෙනවා මේකේ , කියන්න ගියොත් හුගක් තියෙනවා කියන්න , ගහල නැත්නම ගහලම බලන්න, හැබැයි ගහන්න පටන් ගත්තොත් ඉවර කරලා මිසක් නැගිටින්න හිතෙන්නේ නෑNinja ,,,…………..

 

 

මම ගහපු games

 

 

 

 

 

 

අපි හැමෝම වගේ ආසය් නේ games ගහන්න, එක නිසා මම ගහල ඉවර කරපු ගේම්ස් බ්ලොග් එකේ දාන්න කියල හිතුවා , අම්මනම් බනිනවා හැමතිස්සෙම games ගහල මොලේ අවුල් කර ගනින් කියල Smile with tongue out Smile with tongue out 

එත් ඉතින් හොද ගේමක් සෙට් උනොත් ආයේ එක ගහල ඉවර වෙන කන නින්ද යන්නේ නෑ නේ? Open-mouthed smile 

ගේම්ස් ගහන කස්ටියටනම් ප්‍රයෝජනවත් වෙය් කියල හිතනවා Winking smile 

Technorati Tags:

My Gaming Stuffz






My Gaming Stuffz.......
PC- Core 2 Duo, 4GB RAM , 450 GTS 1GB VGA , 1.25 TB Hard
Laptop - Core i5 4GB RAM , 540m 1GB Nvidia VGA, 500GB Hard , 15.6 LED monitor  
XBOX 360S -250GB
PSP 3003
PS 2 (Slim)

ආවා ආවා ආවා.......

UBUNTU 10.10 CD එක ගෙදරටම ඕනෙද?????












කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ site එකට ගිහල්ල register වෙලා CD  එකක්  request  කරන්න.... වැඩේ හරි ලෙසි.........

මුලින්ම මේ site එකට යන්න.  https://shipit.ubuntu.com/ ඊට පස්සේ desktop edition  යන්න , ඊට පස්සේ  account  හදා ගන්න.account එක හදා ගෙන ලොගින් වෙලා  CD  එකක් request  කරන්න .....


තැපෑලෙන් තමය් බඩු හම්බවෙන්නෙ....

මම order  කරලා සති දෙකකින් වගේ මගේ එක අවා,




අපේ A/L පංතිය

මේ තියෙන්නෙ අපේ Chemistry පංතිය,
 ඔය නුගේගොඩ Open Arc එකේ තියෙන කාලේ....
 දැන්නම් තියෙන්නෙ St. Joesph එකේ එහා පැත්තේ උඩම තට්ටුවේ :O ....:P :P 
අපි ඉතින් ඉගෙන ගන්නම යන ළමයි නේ???  :D  HIkz   


ඔය ඉන්නේ අපේ සර්
මේ ඉන්නෙ chapa



මේ ඉන්නේ පොඩි විජේ....

මේ ඉන්නේ ලාරා